ඔබ දැනගත යුතු ම කෝරෝනා එන්නතේ විස්තරේ...


ඔබ දන්නවා දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත සෑම කොරෝනා එන්නතක් ම දැනටමත් ශ්‍රී ලංකාවේ භාවිතා කරනවා. නමුත් ඔබට අවශ්‍ය පරිදි කැමති එන්නතක් ලබාගැනීමේ හැකියාවක් තවමත් නැහැ. ශ්‍රී ලංකාව ලෝක එන්නත්කරණ වේගය අනුව ඉදිරියෙන් ම සිටින රටක්. එයට ප්‍රධාන ම හේතුව තමයි ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම භාවිතාකරන එන්නත වන සයිනොෆාම් ⁣එන්නත නිෂ්පාදනය කරන්නෙ හිතමිත්‍ර චීන රාජ්‍යයේ වීම. 

ඉතිං අපි අද කියන්න යන්නෙ ශ්‍රී ලංකාව තුල බහුලව භාවිතා කරන එන්නත් කිහිපයක ඔබ දැනගත යුතු ම තොරතුරු කිහිපයක්...

1.සයිනොෆාම් එන්නත.

මෙය චීනය විසින් නිපදවන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා පිළිගත් එන්නතක්. මාත්‍රා දෙකක් වශයෙන් ලබාගත යුතු මෙම එන්නත 80% කට ආසන්න ඵලදායීතාවයක් මේ වන තෙක් කරපු පරීක්ෂණ වලට අනුව පෙන්නල තියෙනවා. ඒ වගේම මේ එන්නත නිෂ්පාදනය කරල තියෙන්නෙ අක්‍රීය කළ වෛරසය යොදාගෙන. එයට එරෙහිව අපේ ශරීරයේ ප්‍රතිදේහ ⁣නිර්මානය වෙනවා. ඒ වගේ ම මෙම එන්නත ලබාගැනීමෙන් පසු සුළු උන ගතියක්, හිසරදය, පේශි වේදනාව වගේ සුළු අතුරු ආබාධ පෙන්විය හැකියි.

2.ඇස්ට්‍රාසෙනිකා එන්නත.

මෙය බ්‍රිතාන්‍යය ට අයත් සමාගමක් විසින් නිෂ්පාදනය කරපු එන්නතක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ එන්නත්කරනය සඳහා මුලින්ම යොදාගත්තේ ද මෙම එන්නතයි.මාත්‍රා දෙකකින් ලබා ගත යුතු මෙම එන්නත 70%-83% අතර ඵලදායීබවක් පෙන්නුම් කරනවා. මෙම එන්නත නිර්මාණය කරල තියෙන්නෙ ජාන වෙනස් කළ වෛරසය යොදාගෙන. මෙම එන්නතෙනුත් ඉහත අතුරු ආබාධ ඇතිවෙන්න පුලුවන් ⁣වගේම ඉතාම සුළු පිරිසකට වෙනත් අතුරු ආබාධත් ඇතිවී ඇති බල ලෝක වාර්තා පෙන්වා දෙනවා.

3.ෆයිසර් එන්නත.

ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනියට අනුබද්ධ Pfizer biontech සමාගම විසින් නිර්මාණය කළ මෙම එන්නත යුරෝපයේ සහ ඇමෙරිකාවේ බහුලව බාවිතා කෙරෙන එන්නතක්. 82%- 95% අතර ඵලදායිතාවක් පෙන්නුම්කරන මෙම එන්නත ද මාත්‍රා දෙකකින් ලබාගත යුතුයි. ⁣වෛරස RNA යොදාගෙන නිර්මාණය කර ඇති මෙහිද ඉහත කී සුළු අතුරු ආබාධ ඇතිවිය හැකි අතර ශ්‍රී ලංකාව තුළ ධීවරයන් සහ විදේශ ගතවන පුද්ගලයන් සඳහා භාවිතයට ගැනෙනවා.

4.ස්පුට්නික් V එන්නත.

රුසියානු සමාගමක් විසින් නිර්මාණය කරඇති මෙම එන්නත 91% - 95% අතර ඵලදායීතාවයකින් යුක්තයි.මෙයත් මාත්‍රා දෙකකින් ලබා ගත යුතුයි. එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් එන්නතක්ද මේ වනවිට වෙ⁣ළෙඳපොලට නිකුත්වී තිබෙනවා. මෙහිදීත් බාවිතා වන්නේ අක්‍රීය කළ වෛරසයයි.  අතුරු ආබාධද අනිකුත් එන්නත් සමග වෙනසක් නැහැ.

5.මොඩර්නා එන්නත.

ඇමෙරිකානු සමාගමක් විසින් නිපදවන මෙම එන්නත 94%ක පමණ ඵලදායීබවක් පෙන්නුම් කරනවා. ඒ වගේම අපේ රටේ භාවිතා කරන අලුත්ම එන්නත තමයි මේක. විශේෂයෙන් මධ්‍යම පළාත තුල.වෛරස RNA  යොදාගෙන නිර්මාණය කර ඇති මෙම එන්නතත් මාත්‍රා දෙකකින් සමන්විතයි. මෙම එන්නතනෙුත් අනිකුත් එන්නත් වගේම සුළු අතුරි ආබාධ පෙන්වන්න
පුළුවන්.

ඒ වගේ ම ඉදිරියේදී ලංකාවට සයිනොවැක් වැනි තවත් එන්නත් වර්ගත් ලැබීමේ සම්භාවිතාවයන් තියෙනවා. ඒ සම්බන්ධවත් තොරතුරු අපි ඔබ වෙතට ඉක්මනින් ගෙන එන්න සූදානම්. 

ඔබට ජය..!    


Comments