එන්නත් කටුවට ඔබත් බයද..?

 අද අපි කතා කරන්නෙ වෙනස්ම මාතෘකාවක් ගැන. හැබැයි මේ දවස්වල මේක බොහොම සුලබව දකින්න ලැබෙන දෙයක්. ඒ තමයි Trypanophobia එහෙමත් නැත්තං Needle phobia කියල හඳුන්වන මානසික තත්වය. මේ මානසික තත්වය එන්නත් කටුවට ඇති අධික බය විතරක් ම කියල කියන්න බෑ. ඊට අමතර ව රෝහල් කටයුතු වලදි බාවිතා කරන විවිධ උපකරණ වලට ඇති බයත් මේකට අදාලයි. හැබැයි බහුලව ම අපිට දකින්න ලැබෙන්නෙ එන්නත් කටුවලට බය මිනිස්සුනෙ. 


කුඩා කාලයෙදි නං අපි හැමෝම බෙහෙත් විදිනකොට ගොඩක් බයයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ටික ටික වැඩිවියට එද්දි ඒ සඳහා තියෙන බය වයසත් එක්කම නැති වෙලා යනවා. නමුත් ඔබ දන්නවාද පුද්ගලයන් දහයකට එක් අයෙක් පමණ මේ Trypanophobia එහෙමත් නැත්තං Needle phobia කියන තත්වයෙන් පෙලෙන අය. මෙහිදි  කිවයුතු වැදගත් දෙයක් තමයි මෙය ඒ තරම් දරුණු රෝග තත්වයක් නොවෙයි.

ඒ වගේම ඔබ මෙම තත්වයෙන් පෙලෙන අයෙක්නං වෛද්‍ය උපදෙස් ලබාගෙන ඉතා පහසුවෙන් මෙම තත්වයෙන් මිදීමේ හැකියාවක් තියෙනවා. ඉතිං ඔබටත් මේ තත්වය තියෙනවනං බෙහෙත් විදින්නැතුව  ඉන්න එක නෙමෙයි ඔබ කළයුත්තෙ, ඒ පිළිබඳව අදාල ස්ථානය බාර වෛද්‍යවරයා දැනුවත් කරලා ඔහුගේ උපදෙස් මත එන්නත ලබා ගැනීමයි.

Comments