Posts

Showing posts from July, 2021

එන්නත් කටුවට ඔබත් බයද..?

Image
 අද අපි කතා කරන්නෙ වෙනස්ම මාතෘකාවක් ගැන. හැබැයි මේ දවස්වල මේක බොහොම සුලබව දකින්න ලැබෙන දෙයක්. ඒ තමයි Trypanophobia එහෙමත් නැත්තං Needle phobia කියල හඳුන්වන මානසික තත්වය. මේ මානසික තත්වය එන්නත් කටුවට ඇති අධික බය විතරක් ම කියල කියන්න බෑ. ඊට අමතර ව රෝහල් කටයුතු වලදි බාවිතා කරන විවිධ උපකරණ වලට ඇති බයත් මේකට අදාලයි. හැබැයි බහුලව ම අපිට දකින්න ලැබෙන්නෙ එන්නත් කටුවලට බය මිනිස්සුනෙ.  කුඩා කාලයෙදි නං අපි හැමෝම බෙහෙත් විදිනකොට ගොඩක් බයයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ටික ටික වැඩිවියට එද්දි ඒ සඳහා තියෙන බය වයසත් එක්කම නැති වෙලා යනවා. නමුත් ඔබ දන්නවාද පුද්ගලයන් දහයකට එක් අයෙක් පමණ මේ Trypanophobia එහෙමත් නැත්තං Needle phobia කියන තත්වයෙන් පෙලෙන අය. මෙහිදි  කිවයුතු වැදගත් දෙයක් තමයි මෙය ඒ තරම් දරුණු රෝග තත්වයක් නොවෙයි. ඒ වගේම ඔබ මෙම තත්වයෙන් පෙලෙන අයෙක්නං වෛද්‍ය උපදෙස් ලබාගෙන ඉතා පහසුවෙන් මෙම තත්වයෙන් මිදීමේ හැකියාවක් තියෙනවා. ඉතිං ඔබටත් මේ තත්වය තියෙනවනං බෙහෙත් විදින්නැතුව  ඉන්න එක නෙමෙයි ඔබ කළයුත්තෙ, ඒ පිළිබඳව අදාල ස්ථානය බාර වෛද්‍යවරයා දැනුවත් කරලා ඔහුගේ උපදෙස් මත එන්නත ලබා ගැනීම...

ඔබ දැනගත යුතු ම කෝරෝනා එන්නතේ විස්තරේ...

Image
ඔබ දන්නවා දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත සෑම කොරෝනා එන්නතක් ම දැනටමත් ශ්‍රී ලංකාවේ භාවිතා කරනවා. නමුත් ඔබට අවශ්‍ය පරිදි කැමති එන්නතක් ලබාගැනීමේ හැකියාවක් තවමත් නැහැ. ශ්‍රී ලංකාව ලෝක එන්නත්කරණ වේගය අනුව ඉදිරියෙන් ම සිටින රටක්. එයට ප්‍රධාන ම හේතුව තමයි ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම භාවිතාකරන එන්නත වන සයිනොෆාම් ⁣එන්නත නිෂ්පාදනය කරන්නෙ හිතමිත්‍ර චීන රාජ්‍යයේ වීම.  ඉතිං අපි අද කියන්න යන්නෙ ශ්‍රී ලංකාව තුල බහුලව භාවිතා කරන එන්නත් කිහිපයක ඔබ දැනගත යුතු ම තොරතුරු කිහිපයක්... 1.සයිනොෆාම් එන්නත. මෙය චීනය විසින් නිපදවන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා පිළිගත් එන්නතක්. මාත්‍රා දෙකක් වශයෙන් ලබාගත යුතු මෙම එන්නත 80% කට ආසන්න ඵලදායීතාවයක් මේ වන තෙක් කරපු පරීක්ෂණ වලට අනුව පෙන්නල තියෙනවා. ඒ වගේම මේ එන්නත නිෂ්පාදනය කරල තියෙන්නෙ අක්‍රීය කළ වෛරසය යොදාගෙන. එයට එරෙහිව අපේ ශරීරයේ ප්‍රතිදේහ ⁣නිර්මානය වෙනවා. ඒ වගේ ම මෙම එන්නත ලබාගැනීමෙන් පසු සුළු උන ගතියක්, හිසරදය, පේශි වේදනාව වගේ සුළු අතුරු ආබාධ පෙන්විය හැකියි. 2.ඇස්ට්‍රාසෙනිකා එන්නත. මෙය බ්‍රිතාන්‍යය ට අයත් සමාගමක් විසින් නිෂ්පාදනය කරප...